එන්න නිවිතිගල ඇලපාත මහා විද්‍යාලයේ සිසුන්ට සහන සලසමු!

පසුගිය දින කිහිපය තුළ ඇතිවු ජල ගැල්ම සහ නාය යාම් හේතුවෙන් විපතටපත් පාසල් සිසුන් සදහා සහන සැලසිමට මිට පෙර වසරේ පරිදිම මෙවරත් ‘අකුර’ අපි කටයුතු කිරිමට දැන් සුදානම්. සහන සැලසිමේ අප භාවිත කරන ක්‍රමවේදයට අනුකුලව කටයුතු කිරිමට මෙවරත් අවැසි බැවින් සහ අවශ්‍ය වියදම් සදහා නිසි තක්සේරුවක් ලබා ගත යුතු බවින් ඒ සඳහා අදාල ආයතන සමග සාකච්ඡා කර සුදුසුම සහ වඩාත් විනිවිද සුළු ක්‍රමවේදය අප මෙවරත් තෝරාගත්තෙමු.

පළමු අදියර:

මේ සටහන ලියන මොහොත වන විට ඇලපාත මහා විද්‍යාලයේ සිසුන් 117 කට අවශ්‍ය පාසල් නිළ ඇදුම් (මසා නිම කළ) සහ අනෙකුත් අවශ්‍ය දෑ රත්නපුර CIB ශාඛාවෙන් සහ ශාඛාවලින් වලින් ලබා ගැනෙමින් පවතී. ඇලපාත මහා විද්‍යාලයේ සිසුවියන්ගේ මසා නිම කළ නිළ ඇදුම් අවශ්‍ය ප්‍රමාණයට රත්නපුර ශාඛාවේ නොතිබිමත් එම නිළ ඇදුමට සමාන නිළ ඇදුම් වෙනත් ආයතන වලින් සපයා ගැනීමට අපොහොසත් වීම තරමක අභියෝගයකි.

හෙට , එනම් සඳුදා දිනයේදි අදාල සිසුන් 117දෙනාටම නිළ ඇදුම් සාම්පල පාසල තුළදි ලබා දෙනු ඇත. CIB ආයතනයෙන් සැපයූ එම සාම්පල පාසල තුළදී ඇඳ පරීක්ෂා බැලීමෙන් පසුව අපට එම ඇඳුම් වල සුදුසු – නුසුදුසු භාවය තීරණය කළ හැකි වේ. ඒ අනුව අවසන් තීරණය ගනු ලබන අතර ඒ අනුව අප විසින් අවසන් ගෙවීම සිදු කරනු ලැබේ.

 

ප්‍රතිපත්තිමය තීරණයක් ලෙස අප නියෝජනය කරමින් කිසිම පාර්ශවයක් පාසල වෙත යනු නොලැබේ. කිසිදු උත්සවයක් සංවිධානය නොකරන බවත් ආධාර ලබා ගන්නා සිසුන් වේදිකාවකට නංවා ත්‍යාග සමග ඡායාරූප ලබා ගැනීම් ආදිය සිදු නොවේ. මෙවැනි කටයුතු වලින් දරුවන් අපහසුතාවයට පත් කිරීමට උවමනාවක් නැති අතර අප වෙනුවෙන් පාසලේ ඇදුරු මඩුල්ල සහ දෙමාපියන්ටත් සුලු වශයෙන් හෝ වගකීමක් , බරපැනක් නොදැරීමට වග බලාගන්නෙමු. එමෙන්ම මේ තීන්දුව හරහා අනවශ්‍ය ප්‍රවාහන වියදම් ව්ලින්ද වැලකී සිටීමට හැකි වේ.

කෙසේ නමුත් පාසල් විදුහල්පතිතුමා විසින් අදාල අධාර භාරගත් බවට අප වෙත ලබා දෙන තහවුරු කිරීමේ ලියැවිල්ල, සුපුරුදු පරිදි මෙම කටයුත්ත අවසානයේදි අප විසින් පල කරනු ලැබේ.

මුල්‍ය දායකත්වය සදහා අපගේ ගිණුම පහත දක්වා ඇති අතර ඩිජිටල් රිසිට්පතක් නිකුත් කිරීමට කරුණාකර සියලු මුදල් බැරකිරිම් වල පිටපතක් අපවෙත info@akura.org සහ danishka@akura.org ලිපින හරහා ලැබිමට සලසන්න.

ඔබ හට එවන් රිසිට් පතක අවශ්‍යතාවක් නැතැයි සිතීමට ඉඩ ඇත. නමුත් අපගේ අභ්‍යන්තර සැසඳීම් සහ විගණක කටයුතු සඳහා රිසිට් පතක් නිකුත් කිරීම අතිශය වැදගත් බැවින් ඒ සඳහා ඔබගේ අවධානය ද යොමු කරන ලෙස ඉල්ලා සිටිමු.

Account Name:  WHK PATHUM & W M M H WEERASINGHE
Bank Name:       Commercial Bank of Ceylon PLC
Account No:       8110039579
Branch Name:   Kolpitty
SWIFT Code:    CCEYLKLX

වැඩිදුර තොරතුරු සදහා,

  • හර්ශණ විරසිංහ (+94 0716 811 256)
  • ලක්ෂ්මන් තිලකරත්න (+94 076 7458267)
  • ශ්‍රීශාණු ලොකුපතිරගේ (+1 970 227 5241)

රත්නපුර, නිවිතිගල ඇලපාත මහා විද්‍යාලයේ සිසුන් සදහා ලබා දිමට නියමිත දෑ වෙනුවෙන් රත්නපුර CIB ආයතනයෙන් අප වෙත ලැබුණු මිළ ගණන් පහත දැක්වේ. සිසුන්වෙත ඇඳ බැලිමට ලබා දෙන සාම්පල නැවත භාර ගැනීමේ ක්‍රම්වේදයක් එම ආයතනයේ නොමැති නිසා අදාල සාම්පල සදහාද ගෙවිම් සිදු කෙරෙන අතර එම සාම්පල සිසුන් වෙතම ලබා දිම සිදු වේ. තවමත් සහන කඳවුරු තුළ සිටින සිසුන් නිසි පරිදි පාසල වෙත පැමිණිම සිදු නොවේ. එනිසා මීට පෙර ලද තොරතුරු වලට අනුව නිළ ඇදුම් අවශ්‍ය සිසුන් 117 දෙනාට අමතරව තවත් සිසුන් පිළිබඳ නිසියාකාර දැනුම්දීමක් ලදහොත් එම සිසුන් සඳහා ද සහාය ලබා දෙන බව කරුණාවෙන් සලකන්න.

මෙම කාර්යය සාර්ථක කරගැනීම සඳහා අපට සහාය වු CIB රෙදිපිළි වෙළද ආයතනයේ කොළබ සහ රත්නපුර ශාඛාවන්ටද ඇලපාත මහා විද්‍යාලයේ විදුහල්පති ඇතුළු ගුරුමණ්ඩලයටද අපගේ ගෞරවණිය ස්තුතිය පුදකර සිටිමු.

දෙවන අදියර:

මෙම පළමු සද්කාර්යයෙන් අනතුරුව අකුරැස්්්ස ගොඩපිටිය කණිෂ්ට විද්‍යාලයේ 800ක පමණ සිසුන් පිරිසකට නිළ ඇදුම් අවශ්‍යව ඇති බැවින් එම සිසුන් සදහාද සහාය විමටද බලාපොරොත්තු වන්නෙමු. පාසල් ළමුන්ට අවශ්‍ය පොත්පත් සහ අනෙකුත් ලිපි ද්‍රව්‍ය ලබා දිම බොහෝ දෙනෙකු අතින් සිදු වුවද නිමි ඇදුම් සපයා දිම සංකීර්ණ කාර්යයක් නිසා අප එම කර්තව්‍යයේ නියැලිමට තිරණය කරන ලදි.

පසුගිය වසරේ අප සිදු කළ වැඩසටහන

බාධක මැද අකුරු කරනට පිය මනින මල් කැකුළු

පලි:

මෙම පාසලේම ගංවතුරෙන් විපතට පත් වූ දරුවන්ට සපත්තු ලබා දිමට සිංගප්පුරුවේ සිටින දුමින්ද විදානගම, ගයාන් දසනායක, සමිත් අතුකොරල, මානව රණසිංහ සහ මනෝජ් විමලරත්න සොයුරු කැළ කටයුතු කරන බැවින් ඔබට අවශ්‍ය නම් ඔවුන් සමග සම්බන්ධ වී එම කාරයයට වුවද දායක විය හැකිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: