අකුර ශිෂ්‍යත්ව වැඩසටහන

අකුර ශිෂ්‍යත්ව වැඩසටහන
අකුර ශිෂ්‍යත්ව වැඩසටහන මඟින් අධ්‍යාපනයට හෝ බාහිර ක්‍රියාකාරකම් සඳහා උදව් ඇවැසි දරුවන් බල සම්පන්න කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වේ. ඒ අනුව අධාර උපකාර අවශ්‍ය සිසු දරු දැරියන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ලබා දීම ආරම්භ කිරීමට කටයුතු සුදානම් කර ඇත. අකුර ශිෂ්‍යත්ව වැඩසටහන සිසු කණ්ඩායම් දෙකක් සඳහා මාසිකව දායකත්වය ලබා දේ.

  • පාසල් සිසුන් සඳහා මාසිකව රුපියල් 2000ක අවම මුදලක්
  • විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන සිසුන් සඳහා මාසිකව රුපියල් 4000ක අවම මුදලක්

DSC00337-akura

මොක්කද මේ ශිෂ්‍යත්ව වැඩසටහන?
පාසල් සිසුවකුට අවම රුපියල් 2000 ක්ද, විශ්වවිද්‍යාල හෝ උසස් උසස් අධ්‍යාපන සිසුන් සඳහා රුපියල් 4000 ක අවම මුදලක්ද මාසිකව ලබා දේ. අකුර වැඩ සටහන වෙනුවෙන් මෙම අයදුම්පත් පිරික්සන පිරිස් විසින් ලබා ගන්නා පවුල් පසුබිම් තොරතුරු සහ වෙනත් සාධක මත මෙම ශිෂ්‍යත්වය සඳහා කිසියම් සිසුවෙකුට ලබා දෙන මුදල් ප්‍රමාණය වෙනස් කිරිමට හැකිය.

ශිෂ්‍යත්වය සඳහා අයදුම් කරන්නේ කොහොමඳ?
මෙම පෝරමය පිරවීම මගින් අයදුම් කල හැකිය. ( සිසුවාගේ ගුරුතුමෙක්/තුමියක් මගින් හෝ වෙනත් වගකිවයුතු පුද්ගලයකුට ශිෂ්‍යත්වය අවශ්‍ය සිසුවා වෙනුවෙන් මෙම පෝරමය පිරවිය හැකිය).

අයදුම්පත් පිරික්සීම:

01. මෙම පෝරමය පුරවන්න (සිසුවාගේ ගුරුතුමෙක්/තුමියක් මගින් හෝ වෙනත් වගකිවයුතු පුද්ගලයකුට ශිෂ්‍යත්වය අවශ්‍ය සිසුවා වෙනුවෙන් මෙම පෝරමය පිරවිය හැකිය).

02. අදාල මූලික තොරතුරු මත අප සිසුවා පිළිබඳ සැහීමකට පත්වන්නේ නම් අප ඔබව සම්බන්ධ කරගනු ඇත. ඉන්පසු අප ඔබට අදාල සිසුවා වෙනුවෙන් රෙකමදාරු ලිපි දෙකක් ලබා දෙන ලෙස ඉල්ලා සිටින අතර, ඉන් එකක් දරුවාගේ අධ්‍යාපන කටයුතු තහවුරු කිරීමට විදුහල්පති තුමාගෙන්ද, අනෙක් ලිපිය දරුවාගේ තොරතුරු සහ පවුලේ ආර්ථික තත්වය තහවුරු කිරීමට ග්‍රාම නිලධාරී මහතාගෙන්ද ලබා ගෙන ඉදිරිපත් කල යුතුය.

03. අයදුම්පත් අකුර ප්‍රජාවේ ස්වේච්ඡා සමූහයක් විසින් පිරික්සනු ලබන අතර අයදුම්පතේ තත්ත්වය පිළිබඳව ඔබට දැනුම් දෙනු ඇත.

කොපමණ ශිෂ්‍යත්ව සංඛ්‍යාවක් තිබේ ද?
2016 වසරේදි මෙම වැඩසටහන නියමු ව්‍යාපෘතියක් ලෙස පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 8ක් සහ විශ්වවිද්‍යාල සිසුන් සඳහා ශිෂ්‍යත්ව 2ක් සමඟින් ආරම්භ කරන අතර ඉදිරියේදි වැඩි ශිෂ්‍යත්ව අවස්ථා ගණනක් ලබාදීමට සූදානම් වේ.

ශිෂ්‍යත්ව ලබා දීම නතර කිරීමට හේතු:
පහත හේතු මත ශිෂ්‍යත්ව ලබා දීම නතර විය හැක,

  • සිසුවා අධ්‍යාපනයට කිසිදු උනන්දුවක් නොදැක් වීම.
  • රගති වාර්ථා ලබා දීම මඟ හැරීම හෝ ශිෂ්‍යත්ව වැඩසටහන අනිසි ලෙස භාවිතා කිරීම.
  • සිසුවා විසින් අනුග්‍රාහකයාට සිදු කරන ඕනෑම ආකාරයක බලපෑමක්.

මට සිසුවෙකුට උදව් දීමට හැකි ද?
ඔව්, ඔබත් මෙම වැඩසටහන හරහා සිසුවෙකුට උදව් දීමට කැමති නම් කරුණාකර අපට දන්වන්න. ඔබට දැන ගැනීමට අවශ්‍ය ඕනෑම තොරතුරක් info@akura.org වෙත සිංහලෙන් හෝ ඉංග්‍රිසියෙන් ලියා එවීමෙන් ලබා ගත හැකිය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: