වියලුණු මොරවැව අස්වද්දන්නට ඔබට ඇරයුම්!

13178783_1182771058413596_3618769973066402957_n

මොරවැව ගැන කෙටියෙන් කියනව නම්, ත්‍රස්තවාදී ප්‍රහාර, අලි ප්‍රහාර මෙන්ම නියඟයෙන් බැට කන මිනිසුන් සිටින පෙදෙසක් ලෙස දැක්විය හැකියි. මෑතකදී සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීමට නොවුනත් රෝහලකට ගොඩවී දොර ජනෙල් කැඩූ වන අලි ගැනත් වාර්තා වෙන්නෙ මොරවැවෙන්. මොරවැව ගමටත්, ඉරක්කන්ඩි ගමටත් 1997 මැයි මස 12 දින සහ 1997 ජුනි මස 2 වන දින පිළිවෙළින් ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල වෙනව. තවද ත්‍රස්තවාදීන් 2006 වසරේ සිදු කළ ගෝමරන්කඩවල සංහාරයේ දී පාසල් සිසුන් 4 දෙනෙකු පවා ජිවිතක්ෂයට පත්වෙනව. ඒ වගේම 2014 සිංහල අවුරුදු දින වල බී.බී.සී සිංහල සේවය වාර්තා කරන්නේ නියඟය නිසා ගම්වැසියන් ගම හැර යන තත්ත්වයට අසරණව ඇති බවයි.  ඉතින් මොරවැව හෝ ගෝමරන්කඩවල ගැන තවත් විස්තර අවශ්‍ය නැති වෙවි. ගෝමරන්කඩවල කියන්නෙ ලංකාවේ දුෂ්කරම අධ්‍යාපන කලාපවලින් එකක්.

පසුගිය මාස කිහිපය තුළ අපගේ වාර්ශික පාසල් පොත් ලබා දිමෙ වැඩසටහන සඳහා සුදුසු පහසුකම් අවම පාසල් සොයමින් සිටියා. දින කිහිපයකට පෙර VVibes නමිත් ක්‍රියාත්මක වන තවත් මිතුරු සමූහයක් ගෝමරන්කඩවල අධ්‍යාපන කලාපයේ පාසල් හතරකට උපකාර කිරීමට සුදානම් වන බවත් ඒ සඳහා අවශ්‍ය දායකත්වය ලබා දෙන පොදු ඇරයුමක් කර තිබුණා.

අකුර වැඩසටහනත් එවැනිම අරමුණක් සඳහා ක්‍රියාත්මක වන බැවින්, ගෝමරන්කඩවල දරුවන් වෙනුවෙන් සිදුකරණ සත් කාර්යය සඳහා එහි ආරම්භකයින් වන VVibes සහ LFES සමූහ දෙක සමඟ එක්ව කටයුතු කිරීමට අප තීරණය කළා. මෙම වැඩසටහනේදි පහත සඳහන් පාසල් හතර සඳහා පුස්තාකාල පොත් සහ පාසල් දරුවන් සඳහා පාසල් පොත් සහ ලිපි ද්‍රව්‍ය ලබා දීමට නියමිතයි.

එරක්කන්ඩි විද්‍යාලය නිලාවේලි 1 වසර සිට 8 වසර දක්වා සිසුන් 47
කල්යානපුර විද්‍යාලය ගෝමරන්කඩවල 6 වසර සිට 11 වසර දක්වා සිසුන් 60
මොරවැව උතුර විද්‍යාලය මොරවැව 1 වසර සිට 11 වසර දක්වා සිසුන් 25
මොරවැව දකුණ විද්‍යාලය මොරවැව 1 වසර සිට 11 වසර දක්වා සිසුන් 76

ඉහත පාසල් අතරින් මොරවැව උතුර විද්‍යාලයට සහ මොරවැව දකුණ විද්‍යාලයට අවශ්‍ය පහසුකම් අතරින් පෙරකී පුස්තකාල පොත් සහ පාසල් දරුවන්ට පොත්පත් සහ ලිපි ද්‍රව්‍ය ලබා දීමට අකුර සූදානම් වෙනවා.  2016 වසර සඳහා සිසුන් 101 දෙනෙක් මෙම පාසල් දෙකේම ඉගෙනුම ලබන අතර 2017 වසර සඳහා අලුතින් සිසුන් 9 දෙනෙකු ඇතුලුත් වේය යන උපකල්පනය සහ මෙම පාසල් දෙකෙන්ම 11 වසරින් නික්මෙන සිසුන් ද ඇතුලුව සිසුන් 110 දනෙකු සඳහා අවශ්‍ය කරන පොත්පත් සහ ලිපි ද්‍රව්‍ය ලබා දීම සිදු කෙරෙනු ඇත.

පාසල් පොත් සහ ලිපි ද්‍රව්‍ය

මොරවැව උතුර පාසලෙ සහ මොරවැව දකුණ පාසල් දෙකෙ ඉගෙන ලබන සිසුන් 110 දෙනෙකු (2017 වසර සඳහා 1වන වසරට ඇතුලත් වන සිසුන්ද ඇතුලු) සඳහා බෙදා දීම සඳහා පහත දැක්වෙන පාසල් පොත් සහ ලිපි ද්‍රව්‍ය මිළ දී ගැණීමට අප බලාපොරොත්තු වේ.

 

Screen Shot 2016-09-04 at 6.38.33 PM

මේ සඳහා ඔබෙ දායකත්වය අපට ශක්තියක් වන අතරම එය කලින් දන්වා සිටීම අපගෙ කටයුතු සංවිදානය කරගැණීමට වඩා පහසු වෙනු ඇත. ඒ සඳහා මෙම පෝරමය පුරවා අපට අවශ්‍ය තොරතුරු ලබා දෙනමෙන් කරුණිකව ඉල්ලු සිටිමු. තවද සියලු මූල්‍ය දායකත්වයන් සඳහා අප ඩිජිටල් රිසිට්පතක් නිකුත් කරන අතර, ඔබෙ මුදල් බැර කිරීම තහවුරු කළ පසුව අප රිසිට් පතක් නිකුත් කරන අතර ඒ සඳහා ද අවශ්‍ය තොරතුරු ලබා ගන්නෙ මෙම පොරමය පුරවා ඔබ ලබා දෙන තොරතුරු පදනම් කරගනිමින් (ඔබෙ නම සහ ලිපිනය).  නිර්ණාමිකව දායකත්වය දැක්වීමට අවශ්‍ය නම් අදාල පොරමයෙ අවසානයෙ සටහනක් තබන්න. එලෙස ඉල්ලිම් කරන දායකයින් ගෙ නම් ප්‍රසිද්ධ කිරිමෙන් වැලකි සිටිය හැක.

 

මූල්‍ය ආධාර ලබා දෙන්නෙ කොහොමද?

පහත දැක්වෙන බැංකු ගිණුම සඳහා ඔබෙ මූල්‍ය අධාර ලබා දිය හැක. මුදල් බැර කිරීමෙන් පසුව බැංකු රිසිට්පතේ පිටපතක් අපට වෙත එවීමට කාරුණික වන්න.

Account Name WHK PATHUM & W M M H WEERASINGHE
Bank Name Commercial Bank of Ceylon PLC
Account No 8110039579
SWIFT Code CCEYLKLX
Branch Name Kolpitty

මුදල් බැරකිරිම් සම්බන්දව යම් සහායක් අවශ්‍ය නම් කල්ප පැතුම් (0711 427577) හෝ හර්ෂණ වීරසිංහ (0716 811256) අමතන්න. ඔබේ මුදල් බැරකිරිම් සඳහා අදාල තහවුරු කිරීම් donate@akura.org වෙත යොමු කරන්න.

 

පුස්තකාලය සඳහා පොත්:

භාවිත කළ පොත් දෙන්න පුලුවන්ද?

මොරවැව උතුර විද්‍යාලයට සහ මොරවැව දකුණ විද්‍යාලයට අවශ්‍ය කරන පොත් ලැයිස්තු [1], [2] එම පාසල් මඟින් ලබා දි ඇති අතර ඔබට අළුත් හෝ භාවිත කළ හෝ පොත් ලබා දීමට හැකියාව ඇත. මීට අමතරව 1 වසර සිට 11 වසර දක්වා වූ පාසල් දරුවන්ට කියවීමට සුදුසු පොත්පත් ඔබේ පාසලේ, විශ්ව විද්‍යාලයේ හෝ කාර්යයාලයේ හිත මිතුරන් ලඟ තිබේ නම් කරුණාකර අපට දන්වන්න.

පොත් බාරදෙන්නෙ කාටද?

පහත සඳහන් හිතවතුන් හරහා පොත් පමණක් එකතු කරනු ලැබේ.

අම්බලන්ගොඩ චතුර රතුවඩු 0712902390
බලපිටිය අසංක හෙන්දහේවා 0717757855
හික්කඩුව චතුර රතුවඩු 0712902390
ගාල්ල බන්දුල පුෂ්පකුමාර 0716 146331
කොල්ලුපිටිය කල්ප පැතුම් 0711 427577
කොට්ටාව කවීන් මනිෂ්ක 0770 435214
කැළණිය චන්දන මුණසිංහ 0714 411969
 කුරුණෑගල අජිත් මංජුල  0777 299411
දෙමටගොඩ හර්ෂණ වීරසිංහ 0716 811256
මරදාන නුවන් ඉංදික 0716 413170
මොරටුව දසුන් සමීර 0715 352743
නුගෙගොඩ නිලක්ෂ රත්නායක 0772 271270
රත්නපුර අසිරු කරුණාරත්න 0714 524124
සීදුව/ජා-ඇල ලසන්ත ප්‍රියන්කර 0771 999913
බදුල්ල කුෂාන් වන්නිආරච්වි 0777 655 855
කොළඹ විශ්ව විද්‍යාලය සචිත්‍ර විශ්මාල් 0715 894806
රජරට විශ්ව විද්‍යාලය මිලින්ද ලංකනාත් 0777 114590

පොත්පත් සහ ලිපි ද්‍රව්‍ය ගන්නෙ කොහොමද?

පාසල් දරුවන්ට පොත්පත් සහ ලිපි ද්‍රව්‍ය ගුණාත්මක බවින් යුතු ඉතා සහනදායි මුදලකට එක් ස්ථානයකින් මිළ දී ගැණිම සිදු කරණු ලබයි. පසුගිය වසරේ පොත්පත් ලබාගැණිමේදි කිසිදු ලබායක් තබා නොගෙන අදාල පොත්පත් ලබා දුන් වෙළඳ මහතකු ගෙන් මෙවරත් මිළ දි ගැණීම් සිදු කිරීමට අදහස් කරගෙන සිටින නමුත් ඔබ මීට වඩා සුදුසු තැනක් හෝ විසදුමක් දන්නේ නම් නොපමාව අපට දන්වන මෙන්ද අප ඉල්ලා සිටිමු.

අපට පුලුවන්ද පොත් බැග් සපත්තු වැනි ද්‍රව්‍යමය අධාර ලබා දෙන්න?

ඔව්, ඔබේ ආයතනයට එලෙස යම් නිෂ්චිත යමක් ලබා දීමට හැකියාව තිබෙන අතර එසේ ලබාදීමේදී පාසලේ සිටින සියලුම දරුවන්ට බෙදා දිය හැකි ප්‍රමාණයන්ගෙන් ලබා දීමට කාරුණික වන්න.

කවද වෙනකන් මුදල් සහ පොත් එකතු කරනවද?

2016 සැප්තැම්බර් මස 30 වන දින තෙක් මුදල් සහ පුස්තකාල පොත් එක් රැස් කිරීම සිදු වේ.

පොත් බෙදා දීම සිදුවන්නෙ කවදද?

පොත් බෙදා දිමෙ වැඩසටහන 2016 ඔක්තොම්බර් මස 15වන සහ 16 වන දියන් හිදි පැවැත්වේ. පාසල් 4 අතර දුර වැඩි වීම නිසා දිනකට පාසල් දෙකක පමණක් පොත් බෙදා දීම සිදු කිරීමට සංවිධායකයින් තීරණය කර ඇත.

පොත්පත් විතරද දෙන්නෙ?

අදාල සිසුන්ගෙ සෞඛ්‍ය ඇතුලු අනෙකුත් අවශ්‍ය තා සඳහා මින් ඉදිරි අවස්තාවකදි යළිත් උදව් කිරීමට බලාපොරොත්තු අප බලාපොරොත්තු වෙනවා.

ඇයි 2015 වසරෙ අකුර උදව් කළ විල්පත්තු මායිමේ ඊට්ටිකුලම ප්‍රාථමික පාසල අමතක වෙලාද?

ඇත්තටම නැ! අකුර යළිත් වරක් එම සිගිත්තන් 12 දෙනාට උදව් දෙන්න සූදානම් වුවත් ඒ පාසල මීට මාස කිහිපයකට පෙර ගුරුහිඟය නිසා වසා දමා ඇති බව අපට තොරතුරු ලබා දුන් කුලරත්න මහතා දන්වා සිටියා. ඒ දරුවන්ගෙ දෙමාපියන්ට ඔවුන්ව නගරයේ පාසලකට යාමට ආර්තික ශක්තියක් නොමැති බව එවකට අපිට අහන්න ලැබුණු කරුණක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: