අකුරටත් අවුරුදු

20160216_132950

අප්‍රේල් මාසයේ දී වැඩියෙන්ම සංතෝශයෙන් ඉන්නේ කවුද කියලා ඇහුවොත් ඒ තමයි  “ළමයි “, ඒකට හේතුව පළමු වාර අවසන් කෙටි නිවාඩුව ලැබෙන එක විතරක්ම නෙමේ, සිංහල-දමිළ අලුත් අවුරුද්දත් යෙදිල තියෙන එකයි. හොඳම දේ ළමයින්ට වගේම සිංහල අලුත් අවුරුද්දත් උදා වෙන්නේ රටේ අනාගතය වන ළමයින්ටමයි කියලයි මට නම් හිතෙන්නේ.

දෙමාපිය වැඩිහිටියන් අවුරුද්දට සතුටු වෙන්නේ තමන්ගේ දූ දරු මුණුබුරු මිණීබිරියන් සතුටු වෙනවා දැකලා. අකුරටත් මේ අලුත් අවුරුද්ද ගෙනාවේ ලොකු සතුටක් ඒකට හේතුව තමයි සිංහල අලුත් අවුරුද්ද වෙනදට වඩා සතුටින් සමරන්න අකුරෙ සමාජික සාමාජිකාවන් හවුල් වුන එක.

පුංචියට උනත් දරුවන්ට උදව් කරන්න පටන් ගත්ත “අකුර“ දැනට ළමයි හත් දෙනෙකුට මාසිකව ශිෂ්‍යත්ව ලබා දෙනවා. එයින් ළමයින් හය දෙනෙක් වත්තෙගම ප්‍රෙද්ශයේ කෙන්ගල්ල මහා විද්‍යාලයේ  දරුවන්. මාර්තු මාසයේ ඉදන් මේ දරුවන්ට ලැබෙන ශිෂ්‍යත්වය පිටුපස අනුග්‍රාහකයෙක් බැගින් ඉන්නවා.
මේ දරුවන් තෝරා ගත්තෙත් අකුර කැදවපු අයදුම් පත්‍ර වල ප්‍රමුඛතා අනුපිළිවලට  වගේම වෙනස් ක්‍ෂෙත්‍ර හතරක නියැලෙන  හතර දෙනෙක් මේ අයදුම්පත් අපට අමතරව විමර්ශනයටත් ලක්කලා. මේ දරුවන් ගෙ පවුල් පසුබිම අනුව ඔවුන්ට ලැබෙන ශිෂ්‍යත්වය වෙනස් වෙනව.  උදාහරණයක් ලෙස පළමුවෙන් ශිෂ්‍යත්ව ලැබූ දරුවන් අතරින් ලැබන අවම ශිෂ්‍යත්වය රුපියල් 3000ක්ද උපරිම ශිෂ්‍යත්වය රුපියල් 10,000 ද ලෙස ඒ දරුවන්ගෙ හැකියාවන්, ඔවුන්ගෙ පවුල් පසුබිම සහ අනුග්‍රාහකයින්ගෙ එකඟතාවය මත තීරණය විය.
මේ එක් එක් දරුවා ගේ සතුට පිටුපස ඉන්න අනුග්‍රාහකයා ට වගේම ඒ සඳහා මැදිහත්ව කටයුතු කරපු අකුරටත් මේ සිංහල අවුරුද්ද ගේන්නේ සැබෑ සතුටක්.

ඉතින් , ඔබටත් පුළුවන් ඒ සතුටෙ උරුමකරුවෙක් උරුමකාරියක් වීමට ඒ සඳහා මේ පොරමය පුරවා ඔබේ තොරතුරු අපට දෙන්න. උදව් දෙන්න සුදුසු දරුවෙක් අප තෝරාගත් විගස ඔබට දන්වන්නම්. සමහරවිට මාස ගණනක් ගත වෙන්න පුලුවන් ඇත්තටම උදව් අවශ්‍ය  දරුවෙක් තොරගන්න. එතෙක් ඔබ කිසිදු වියදමක් දරන්න අවශ්‍ය නැ. මීට අමතරව ඊමේල් danishka@akura.org  හෝ දුරකථනය හරහා හර්ෂණ (0716811256) හෝ කල්ප (0711427577) අමතා අවශ්‍ය තොරතුරු දැනගත හැකිය.

දැනට අකුර හරහා උදව් ලබන දරුවන් හය වසර සිට උසස් පෙළ දක්වා වයස් කණ්ඩාවලට අයත් වන අතර නොබෝ දිනකින් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන සිසුන් ද එක් වීමට නියමිතයි.

එහෙනම් , උදා වූ සිංහල අලුත් අවුරුද්ද ඔබටත් ඔබ පවුලේ සැමටත්,  රටේ අනාගතය බාරගන්න ඉන්න පුංචි දරුවන්ටත් සතුට ගේන වසරක් වේවා කියලා අකුරෙ අපි ප්‍රාර්ථනා කරනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: