කුඹුක්වැව නිමල්සිරි ප්‍රාථමික විදුහලට සංගීත උපකරණ

2017 මාර්තු මස අප නෙතගැටුනේ කාංචන කුමාර ආරියදාස මහතා ලංකාදීප පුවත්පතට එක් කල සංවේදි සටහනකි.

අනේ අපටත් ඇත්තම තූර්යවාදන භාණ්ඩ තිබුණා නම්

“වකුගඩු රෝගය බහුලව පවතින අනුරාධපුර දිස්ත්‍රික්කයේ දරුවන්ට වතුර පෙරණයක් ලබාදීමට ගිය විටක දී හබරණ පලුගස්වැව සේනාදිරියාගම හා කුඹුක්වැව ප්‍රාථමික විදුහල් දෙකේ තූර්ය වාදක කණ්ඩායම් දෙකක් අපට හමු විය.

එම සිසු දරුවන් පාසලට පැමිණි පිරිස කැඳවාගෙන ගියේ තූර්යවාදක කණ්ඩායම පෙරටු කරගෙනය. වාදන භාණ්ඩ වෙනුවට මේ දරුවන් යොදාගෙන ඇත්තේ හිස් බූලි ,හිස් ටින් ,උණබට , පොල් කටු, කොම්බුව වෙනුවට ප්ලාස්ටික් බට මෙයට එකතු කර ගෙන තිබිණි.”

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ඉහතින් දැක්වෙන එම සටහන ඇතුලත් පුවතට පසුව අකුර සඳහා සක්‍රීය දායකත්වයක් දෙන තුසිත කුමාර ගුරුතුමා හරහා අදාල පුවත ගැන පසු විපරමක් කරන්නට වුයේ අදාල පාසලේ දරුවන්ට සිහිනයක් වූ තුර්යවාදන කට්ටලයක් තැගී කිරීමටයි. උතුරු මැද පළාත් තොරතුරු තාක්ෂණ සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂක පර්සි ජයසුන්දර මහතාගෙන්ද මෙම විදුහල පිළිබඳ තොරතුරු තහවුරු කරගත්තේ අප ලබා දෙන පරිත්‍යාගය නිසි ලෙස ඔවුන් භාවිත කරනු ඇති බවට තහවුරු කරගැණීමටයි.

අදාල පුවත නිකුත්වි වසරක් නික්මයත්ම හෝ අපට මෙම කාර්යයට දායක වීමට හැකි වීම පිළිබඳව හදවතින්ම සතුටු වන අතර තුර්ය වාදක කණ්ඩායමට අවශ්‍ය අනෙකුත් උපකරණ සිසුන් ලබන මූලික පුහුණුවෙන් පසුව දක්වන දෙන ප්‍රගතිය අනුව ලබා දීමට අප සූදානම් වේ.

ප්‍රාථමික සිසුන් 600කට ආසන්න සිසුන් ප්‍රමාණයක් සිටින මෙම පාසලේ තුර්යවාදක කණ්ඩායමට ඉදිරියේදි හිස්ටින්, උණබට, පොල්කට සහ බැරල් භාවිත කිරීමට අවශ්‍ය නොවනු ඇත!

අවුරුදු නිවාඩුවෙන් පසුව නව පාසල් වාරය ඇරඹීමත් සමඟ 2018 අප්‍රේල් මස 25 වන දින අප කුඹුක්වැව නිමල්සිරි ප්‍රාථමික විදුහලට අවුරුදු තැගිත් අරගෙනම ගියා. ඒ ගමනේ මතක සටහන් පහතින් ඇත.

 

අපගේ මීළඟ ව්‍යාපෘතිය අනුරාධපුර දිස්ත්‍රික්කයේ හතරැස්වල විදුහල පුස්තකාල පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා ක්‍රියාත්මක වේ.

 

දරුවන් 600ක පිරිසක් ආයුබෝවන් කියා අපට සමුදුන් මොහොත…

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: