රටවල් 106ක මිලියන 553ක ජනතාවකගේ පුද්ගලික දත්ත අනතුරේ..

රටවල් 106ක පරිශීලකයින්ගේ මිලියන 553ක Facebook ගිණුම් තොරතුරු මේ වන විට නොමිලේ අන්තර්ජාලයෙන් ලබා ගැනීමට හැකි ය. මීට පෙර මුදලකට විකිණීමට තිබූ මෙම දත්ත දැන් නොමිලේ ම ලබා ගත හැකි තත්ත්වයට පත්ව ඇත.


මෙම දත්ත අතර දුරකථන අංකය, ඊමේල් ලිපිනය, සම්පූර්ණ නම, උපන්දිනය, පිහිටුම වැනි පෞද්ගලික දත්ත ඇත. විශේෂත්වය වන්නේ මේ දත්ත හරහා යම් පරිශීලකයෙක් නිශ්චිත ව හඳුනා ගැනීමට පහසු වන දත්ත (Personally Identifiable Information – PII) 2019 වසරේ වාර්ථා වීමෙන් පසුව 2019 වසරේ අගෝස්තුවේ මෙම ගැටලුව විසදා ඇතත්, වසර දෙකක් පමණ පරණ වන මෙම දත්තවලට තවමත් වටිනාකමක් ඇත්තේ දුරකථන අංකයක් බොහෝ විට නිරන්තරයෙන් වෙනස් කරන දෙයක් නොවන බැවිනි.

මෙම පරිශීලක ප්‍රමාණය අදාල සමාගමේ සමස්ත පරිශීලක ප්‍රමාණයෙන් 20% වේ. ඇමරිකා එක්සත් ජනපදයේ පමණක් පරිශීලකයින් මිලියන 32ක් මෙම ප්‍රමාණයට ඇතුළත් වේ.

ඉතින් ඔබට Facebook ගිණුමක් තිබේ නම්, මේකියන 20%ක ප්‍රමාණය ඇතුළත ඔබත් සිටීමේ සම්භාවිතය 1/5කි.

Identity Theft (අනන්‍යතාව සොරකම් කිරීම), SIM Swapping, Phishing, Social Engineering වැනි ගැටලුවලට මෙම පරිශීලකයින් ලක්වීමේ අවධානමක් ඇත.

මීට දින 6කට පෙර Facebook සමාගම පෞගලිකත්වය සම්බන්ධ බ්ලොග් පොස්ටුවක ප්‍රකාශ කළේ පරිශීලකයින්ට News Feed හරහා තමන් පළ කරන දැ සඳහා මනා පාලනයක් සහිත බවයි. 

ඔබේ තොරතුරු ද අවධානමක තිබේ දැයි තහවුරු කර ගැනීමට haveibeenpwned.com සබැඳිය භාවිත කර ඊමේල් ලිපිනය ලබා දීම මඟින් තහවුරු කර ගැත හැක.

විවිධ අස්ථාවල දී මේ ආකාරයේ පෞද්ගලික දත්ත අනවශ්‍ය පුද්ගලයින්, කණ්ඩායම්, ආයතන හෝ රාජ්‍යන් අතට පත් වීම සිදුසු වුවත් නිසි ආරක්‍ෂණ ක්‍රමවේද භාවිතය මඟින් වෙනත් අයෙක් එම දත්ත අපගේ ගිණුම්වලට එරෙහි ව හානිකර ලෙස භාවිතය වළක්වා ගත හැක. උදාහරණයක් ලෙස දෘඩාංග (Hardware) හෝ යෙදුම් (Apps) මත පදනම්වූ Multi-Factor-Authentication භාවිතය මඟින් ඔබේ ගිණුම් වෙත අනවසරයෙන් යම් අයෙක් ප්‍රවිෂ්ට වීමේ අවධානම අවම කරගත හැක. එමෙන් ම ඔබ විසින් ඔබේ පෞද්ගලික දත්ත විවිධ පද්ධති හරහා ප්‍රසිද්ධ කරන ප්‍රමාණය සීමා කිරීමත් වැදගත් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: