2017 ජල ගැල්මෙන් විපතටපත් පාසල් දරුවන්ට අකුර සහය

පසුගිය මැයි මස ඇති වු අයහපත් කාළගුණය නිසා ජල ගැල්මෙන් විපතට පත් වු පාසල් දරුවන්ට සහය වීම සදහා අකුර මෙවර ද ක්‍රියාත්මක විය.

පළමු අදියර:

මෙහි පළමු අදියර ලෙස නිවිතිගල ඇලපාත මහා විද්‍යාලයේ සිසුන්ට අවශ්‍ය පාසල් නිළ ඇදුම් ලබා දිම සිදු විය. පාසල් සිසුන් 137 දෙනෙකුට මෙම අදියරේදි පාසල් නිළ ඇදුම් ලබා දෙන ලදි.

මෙම කාර්යය සදහා ව්‍යාපෘතිය ආරම්භයේ  සිටම ජයනි සුලෝචනා තොටවත්ත මහත්මිය, ඇලපාත මහා විද්‍යාලයේ ආචාරිනී අසන්තා අතාවුද මහත්මිය, රන්සිත් පෙරේරා මහතා, දුමින්ද විදානගම මහතා සහ අකුර වෙනුවෙන් ලක්ෂ්මන් තිලකරත්න මහතා යන අය සක්‍රියව දායක විය. රත්නපුර CIB කාර්යය මණ්ඩලය මෙම කාර්යයේදි අපට රත්නපුරයට යාමට අපහසු වුවත් අදාල නිළ ඇදුම් නිසි ලෙස එක් එක් දරුවාට අදාල වන ලෙස අසුරා පාසල වෙත ප්‍රවාහනය කර දෙන ලදි.

මේ සදහා රුපියල් 172,218.00ක මුදලක් වැය වි ඇත. කිසිදු උත්සවයක් සුදානම් කිරිමකින් තොරව විදුහල්පති තුමා සමග රන්සිත් පෙරේරා මහතා සහ අසන්තා අතාවුද මහත්මිය පාසල් දරුවන් වෙත අදාල නිළ ඇදුම් ලබා දිම සුවිශේෂි විය.

 

 

දෙවන අදියර:

අකුරැස්ස ගොඩපිටිය කණිෂ්ඨ විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ දරුවන් 200 දෙනෙකු වෙත අවශ්‍ය නිළ ඇදුම් ලබා දිම 2017 ජුනි මස 19 වන දින එම විද්‍යාලයේදි සිදු වු අතර මේ සදහා අකුර වෙනුවෙන් සම්බන්ධීකරණය සහ අවශ්‍ය නිළ ඇදුම් කොළබ සිට ගොඩපිටිය දක්වා ප්‍රවාහනය කර නිසි ලෙස දරුවන්ට ලබා දිමට ලක්ෂ්මන් තිලකරත්න මහතා සක්‍රියව දායක විය.

මේ සදහා රුපියල් 183,559.00ක මුදලක් වැය විය.

 

තෙවන අදියර:

පිටබැද්දර ඩඩ්ලි සේනානායක විද්‍යාලයේ ගෘහ විද්‍යා කාමරය තුළ වු විදුලි උපකරණ ඇතුලුව සියලුම දේ ජල ගැල්ම නිසා හානි වු බැවින් ඒ සදහා IronOne Technologies ආයතනයේ කාරුණික දායකත්වය මත රුපියල් 150,000.00 කට ආසන්න වටිනා උපකරණ ලබා දිම IronOne Technologies ආයතනයේ සහොයුරන්ගේ දායකත්වයෙන් 2017 ජුලි මස 28 දින සිදු විය.

අදාල අධ්‍යාපන කලාපයේ ගෘහ විද්‍යා විශයට හොදම ප්‍රතිඵල නොකඩවා ලබා තිබු පිටබැද්දර ඩඩ්ලි සේනානායක විද්‍යාලයේ දරුවන්ට ජලගැල්ම නිසා තම අධ්‍යාපනයට සිදු වු හානිය හැකි ඉක්මනින් යතා තත්ත්වයට පත් කිරිමට හැකි විම සියලු පාර්ශවයන්ට සතුටු දායක කාරණයක් විය.

මෙම අදියර සදහා අකුර වෙනුවෙන් සම්බන්ධීකරණය දීපානි ජයන්තා මිය විසින් සිදු කරන ලදි.

 

IronOne Technologies ආයතනයේ සොයුරන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: