2017 නව වසරේ මොරවැව පාසල් දරුවන් සඳහා අර්ථ ශාස්ත්‍රීය ප්‍රායෝගික වැඩසටහන

මෙම සුවිශේෂී වැඩසටහන 2017 ජනවාරි මස 6 වැනි දින මහදිවුල්වැව පාසලේ දී පැවැත්විණ. මොරවැව උතුර සිංහල පාසල, මොරවැව දකුණ සිංහල පාසල සහ මහදිවුල්වැව පාසල යන පාසල් 3ක දරුවන් 64 දෙනෙක් සහ ගුරුවරුන් මෙම වැඩසටහනට එක්වූහ.

අර්ථ ශාස්ත්‍ර අධ්‍යාපන පදනම විසින් ප්‍රවර්ධනය කරන ලද මෙම එක්දින වැඩමුළුව, විෂය හදාරන්නේ නැති පාසැල් සිසුන් උදෙසා නිර්මාණය වූවකි. එයින් ජීවිතයට අවශ්‍ය අර්ථ ශාස්ත්‍ර සංකල්ප පිළිබඳව මූලික දැනුමක් සැපයීම අරමුණු කෙරෙයි.

මෙම වැඩසටහන අරුණි ශපීරෝ මහත්මිය සහ තඹරු විජේසේකර මහතා වෙතින් මෙහෙයවිණ.

ඇමෙරිකාවේ ෆ්‍රෙස්නෝ විශ්ව විද්‍යාලයේ සහ ටෙනසි විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරියක් හැටියට සේවය කළ අරුණි ශපීරෝ මහත්මිය දැනට සිංහල බසින් පොත් හතක් ලියා ඇත. ඒ හැරෙන්නට “නිදහසේ අර්ථ ශාස්ත්‍රය”, “අර්ථ ශාස්ත්‍රය -එක දවසින්”, “අපි ජීවත්වන්නෝ” සහ “මම, පැන්සල” යනාදිය ඇය මෑතක දී සිංහලට පරිවර්තනය කරන ලද කෘති වෙති. ඇය බැස්ටියාට් සංගමය නමැති ප්‍රතිපත්ති ගරුක ව්‍යාපාරිකයන්ගේ ජාත්‍යන්තර සංවිධානයේ මාණ්ඩලීක සාමාජිකාවකි.

තඹරු විජේසේකර මහතා මාතර සිලෝන් සිස්ටම්ස් ආයතනයේ ව්‍යාපෘති කළමනාකරුවෙකු සහ දිනමිණ නිදහස් මාධ්‍යවේදියෙකි.

“එදිනෙදා ජීවිතයට අර්ථ ශාස්ත්‍රය -එක දවසින්”  මැයෙන් ඉදිරිපත් වූ මේ වැඩසටහන, සම්පත් හිග පාසල් දරුවන් ඉලක්ක කරගෙන ඉදිරියේදී තව දුරටත් ක්‍රියාත්මක වනු ඇත.

එසේම, 2016 වසරේ ආරම්භ කළ පාසල් දරුවන් සඳහා පැවැත්වූ රොබො තාක්ෂණික වැඩසටහන ද, 2017 වසර තුළ මොරවැව සහ දිවනයිනේ අනෙකුත් පෙදෙස් වල ක්‍රියාත්මක වීමට නියමිතයි.

img_6291

img_6294

img_6296

img_1995

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: