අකුර පොත් බෙදාදීම 2016 – මොරවැව

2016 සැප්තැම්බර් මස 6 දින ඇරඹුණු අපගේ උත්සාහය, ඉන් මාසයක් ගෙවෙද්දී ගෝමරන්කඩවල අධ්‍යාපන කලාපයේ මොරවැව උතුර සිංහල පාසලට සහ මොරවැව දකුණ සිංහල පාසලට පුස්තකාල පොත් සහ දරුවන්ට අවශ්‍ය පොත්පත් සහ ලිපි ද්‍රව්‍ය බෙදාදීමෙන් මල්ඵල ගැන්විණ. ගෝමරන්කඩවල අධ්‍යාපන කලාපයේ පාසල් 4ක දරුවන් වෙනුවෙන් VVibes සහ LFES කළ පොත් බෙදා දීමේ වැඩසටහනට “අකුර” අපව ද එක් කර ගැනීම පිළිබඳව අපගේ ස්තුතිය ඔවුන්ට පිරිනමන අතර මෙම කාර්යය සඳහා නන් අයුරින් දායක වූ සියලු දෙනා වෙත අපගේ ස්තුතිය පිරිනමන්නෙමු.

පළමුව, ලෝක ළමා දිනයට සමගාමීව දියත් කිරීමට අදහස් කළ මෙම වැඩටහන විවිධ හේතුන් මත ඔක්තොම්බර් මස 15 දින පැවැත්වීමට යෙදුනු අතර අප සිතූ පරිදිම වැඩසටහන සාර්ථක වූ බව පාසල් ද්විත්වයෙහිම ගුරුවරුන්ගේ, දෙමාපියන්ගේ සහ සිසුන්ගේ අදහස් වලින් මනාව පැහැදිලි විය. නිතීඥ ශෂි ගුණසිංහ මිය, ඇය පාසල් අධ්‍යාපනයේ සිට උසස් අධ්‍යාපනය දක්වා පැමිණි ගමනේ අත්දැකීම් මුසු කරමින් පාසල් දරුවන්, ගුරුවරුන් සහ දෙමාපියන් ඉලක්ක කර සිදු කළ දේශනය පොත් බෙදාදීමේ වැඩසටහනෙහි ඉතා වැදගත් අංගයක් ලෙස කාගේත් පැසසුමට ලක් විය.

මෙම කාර්යය සදහා රුපියල් 216,339.25 ක මුදලක් වැය වු අතර 2017 වසර සඳහා සිසුන්ට අවශ්‍ය පොත්පත් (වැඩ පොත් ද ඇතුලුව), ලිපි ද්‍රව්‍ය ද පාසල් දෙක මගින් අප වෙත ඉල්ලුම් කළ පොත් ලැයිස්තුවට අනුව පුස්තකාල පොත් ද සපයා දීමට හැකි විය. එමෙන්ම සියලුම සිසුන්ට සමපෝෂ පැකට්ටුව බැගින් ද ලබා දිමට කටයුතු සිදු කිරිණ. පාසල් දරුවන්ට ලබා දුන් පොත් කට්ටල යළි භාවිත කළ හැකි, පරිසර හිතකාමි බෑගයක බහාලන ලද්දේ පරිසරයට පොලිතින් එක් නොකිරිමට පාසල් සිසුන් ද දිරිමත් කිරිමේ අරමුණෙනි. තවද දි්පානි ජයන්තා මිය විසින් පරිසරයට පොලිතින් එක් කිරීමේ අදීනව පිළිබඳව දැනුවත් කෙරෙන අධ්‍යාපනික පෝස්ටර් ද ලබා දෙන ලදි.

මූල්‍ය දායකත්වය:

  • වරුණ කණිෂ්ක මහතා
  • නවීන් මාධව මහතා
  • ආනන්ද වැලිකල මහතා
  • නදීත් ලන්සකාර මහතා
  • මදු අබේසිංහ මිය
  • රිෂාණි ගුණසිංහ මහත්මිය
  • තුල්යා ද සිල්වා මිය
  • නෙවින්දරී ප්‍රේමරත්න මහත්මිය
  • චමිල ලියනගේ මහතා
  • ශ්‍රීශානු ලොකුපතිරගේ මහතා
  • දසුන් සමීර මහතා
  • සුභාෂ් ශාමින්ද කුරුවිටගෙ මහතා
  • අසන්ක ශ්‍රීලාල් මහතා
  • හර්ෂණ වීරසිංහ මහතා
  • ඩනිෂ්ක නවින් මහතා

පුස්තකාල පොත්ලබා දුන් හිතවතුන්:

  • දුෂාන් කාංචන ගොඩගේ මහතා
  • දීපානි ජයන්තා මිය
  • චතුර ලක්මාල් රතුවඩු මහතා

පාසල් සිසුන් සඳහා පරිසර හිතකාමි බෑගය:

  • පත්මසිරි වීරසිංහ මහතා

ප්‍රවාහනය:

  • ඩනිෂ්ක නවින් මහතා

පාසල් සම්බන්ධීකරණය කරමින් මෙම වැඩසටහන සාර්ථක කරගැනීමට උරදුන් මහදිවුල්වැව මධ්‍ය මහා විදුහලේ සේවය කරන අසංක සදනායක මහතා මෙන්ම බන්දුල පුෂ්පකුමාර මහතා, අජිත් මන්ජුල මහතා, ප්‍රියන්කා සඳමාලි මිය, චතුර ප්‍රසාන් සුදුවැල්ල මහතා, කුලරත්න රාජපක්ෂ මහතා, සහන් කසීර වික්‍රමසිංහ මහතා, සඳරේකා වැලිවිටිගොඩ මහත්මිය යන හිතවතුන්ට අපෙග් ස්තූතිය හිමිවෙයි.

පොත්පත් සපයාදීම දරුවන්ගේ ඉගෙනීමට ශක්තියක් මෙන්ම යහපත් අඩිතාලමක් වන අතරම මෙම දරුවන්ට ඇති අනෙකුත් අවශ්‍යතා සඳහා ද අවධානය යොමු කිරීමට ද අප සූදානම්ය. ඒ අනුව ඉදිරි වසරක හෝ වසර දෙකක කාලයක් තුළ එම පාසල් වල තෝරාගත් අවශ්‍යතා සඳහා “අකුර” සහයෝගය ලබා දීමට අපි දැන් සැළසුම් කරමින් සිටිමු.

මෙම පාසල් දෙකෙහිම අවශ්‍යතා සඳහා මෙතක් අවැසි දායකත්වය ලබා දී ඇති මොරවැව ගුවන් හමුදා කදවුරෙහි ප්‍රශංසනීය මෙහෙවර අගය කළයුතුම වේ.

අනුරාධපුර ත්‍රිකුණාමලය මාර්ගයේ, ත්‍රිකුණාමලය දෙසට වන්නට පිහිටි සුන්දර ගමක් වන මොරවැව ගමේ දැඩි දුෂ්කරතා මැද අකුරු කරනා මේ දරු දැරියන්ට, ඔබේ ආයතනයේ මීළඟ ප්‍රජා සත්කාරය ඔස්සේද උදව් උපකාර කරන මෙන් ඉල්ලා සිටිමු.

 

ඉදිරියේදි අප පහත වැඩසටහන් දියත් කිරීමට මූලිකත්වය ගන්නා බව දන්වා සිටිමු.

  • මොරවැව උතුර සිංහල පාසල සඳහා අවශ්‍ය කරන විද්‍යාගාර උපාංග සහ මෙවලම්. (අවශ්‍ය මුුලික උපකරණ මේ වන විට මිළ දිගෙන ඇත)
  • මොරවැව උතුර සිංහල පාසල සඳහා ජල (බැරලෝහ) පෙරණයක් (අවම වසර 5ක වගකීමක් සහිත උපකරණ).
  • මොරවැව දකුණ සිංහල පාසල සඳහා ජල (බැරලෝහ) පෙරණයක් (අවම වසර 5ක වගකීමක් සහිත උපකරණ).
  • මොරවැව උතුර සිංහල පාසල සඳහා පුස්තකාල පහසුකම් සහ පරිගණක පහසුකම් ලබා දිය හැකි ගොඩනැගිල්ලක්. 
  • සිසුන් සඳහා නායකත්ව වැඩසටහනක්.
  • ක්‍රීඩා දිනයක්.

20161014_153610

20161015_083958මොරවැව දකුණ සිංහල පාසලේ දරුවන්

20161015_083747මොරවැව දකුණ සිංහල පාසලේ දරුවන්

20161015_091113මොරවැව දකුණ සිංහල පාසලේ දරුවන් අමුත්තන් පිළිගනිමින්…

20161015_092159

20161015_092337භාවනාවේ යෙදෙන මොරවැව දකුණ සිංහල පාසලේ දරුවන්

20161015_092321භාවනාවේ යෙදෙන මොරවැව දකුණ සිංහල පාසලේ දරුවන්

20161015_105144

20161015_104704සිගිති සිනා

20161015_105044

20161015_140643මොරවැව උතුර සිංහල පාසලේ විදුහල්පති තුමා වැඩසටහන අරභමින්…

මොරවැව උතුර සිංහල පාසලේ විදුහල්පති තුමාගේ කතාව අහලම බලන්න

20161015_151333මොරවැව උතුර සිංහල පාසලේ දෙමාපියන් වෙනුවෙන් වචන කිහිපයක්…

20161015_1401571

20161015_142458නම කියවන තුරු…

20161015_151014

20161015_140131

20161015_140145

20161015_155101අනුරපුර ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ මාර්ග බාධක නැතත් මොරවැව උතුර සිංහල පාසල අසල ඇති ගුවන් හමුදා මුරපොල

20161016_092828මොරවැව ගම් වැසියන්ගෙ ජිවිතත් මේ වගේම ලස්සන කරමු

20161015_121219මොරවැව ගම් වැසියන්ගෙ ජිවිතත් මේ වගේම ලස්සන කරමු

20161015_105858 මොරවැව අස්වද්දන්නට ඔබත් එන්න!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: