2019 වසර සඳහා පාසල් දරුවන්ට පොත්පත් සහ ලිපිද්‍රව්‍ය බෙදා දීම

මෙවරත් අපි පාසල් දරුවන්ට පොත් බෙදා දීම සඳහා සූදානම් වෙනව. හැබැයි මේ පාර අපි අපි වෙනස් විදියකට මේ කාර්යය කරන්නට තීරණය කළා.

මැදවච්චිය ප්‍රදේශයේ වකුගඩු රෝගීන්ගේ පවුල්වල පාසල් අධ්‍යාපනය ලබන දරුවන්ට 2019 වසර සඳහා අවශ්‍ය පොත්පත් පෑන් පැන්සල් ලබා දීමට අපි තීරණය කළා. මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහයෝගීත්වයෙන් මෙම කටයුතු සිදු වනු ඇත.

මේ කාර්යයට දායක වීමට ඕනැම අයෙක්ට අවස්ථාව ඇති අතර ඒ සඳහා අප ක්‍රියාත්මක වන්නේ මෙලෙසයි:

දැනට 1292 ක පිරිසක් මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා වකුගඩු ආධාර ලබනව. දළ වශයෙන් මින් 500ක පිරිසක් සිටින පවුල් වල පාසල් යන දරුවන් සිටිය හැක. කෙසේ නමුත් මේ සම්බන්ද නිවැරදි තොරතුරු මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිළධාරීන් එකතු කරමින් සිටී. අදාල තොරතුරු ලැබුණු වහාම මේ කාර්යය නියමිත ආකාරයෙන් ක්‍රියාත්මක කළ හැක.

මැදවච්චිය ප්‍රාදේශීය ලේකම්  කාර්යාලයේ   නිළධාරින් අපට මෙම කටයුත්තට සුදුසුකම් ලබන පාසල් දරුවන්ගේ තොරතුරු ලබා දෙන අතර අදාල පාසල්  දරුවන්ට අවශ්‍ය  පොත්පත්   සහ ලිපි ද්‍රව්‍ය මිළදී ගැණීමට අවශ්‍ය මුදල් අප විසින්  ඇස්තමේන්තු ගත කෙරේ. ඉන් අනතුරුව, යම් නිශ්චිත ඉලක්කගත සිසුන් පිරිසකට අවම වශයෙන් සහය වීම අපගේ බලාපොරොත්තුවයි. මේ සඳහා විශාල වකුගඩු රෝගින් පිරිසක් අදාල ප්‍රදේශයේ සිටියත් රජයෙන් අදාල දීමනාව ලබා ගන්නා රෝගින්ගේ පවුල් පිළිබඳව පමණක් සැලකිලිමත් වන්නේ විශාල සිසුන් පිරිසක් ආවරණය කිරීමට අපට මූල්‍ය ශක්තියක් නොමැති හෙයිනි.

ඔබ මේ සඳහා දායකත්වය දැක්වීමට කැමති නම් පහත පෝරමය පිරවූ පසු මුදල් බැරකිරීම සඳහා ගිණුම් අංකය ඔබට  එවීමට අප කටයුතු කරන අතර, ඔබ නිර්නාමිකව සහය දැක්වුවද අප විසින් නිකුත් කරන ඩිජිටල් රිසිට්පත ඔබට ලැබීමට සැලස්වීම සඳහා ඔබේ තොරතුරු ලබා දීම ඉතා අගය කර සලකන්නෙමු.

https://docs.google.com/forms/d/1VkErjBlReOLpzI8KT-A5Zv1xKiIfngwSeT1F-bER3es

මුදල් අකුර ගිණුමට බැර කිරීමෙන් අනතුරුව, එම බැරකිරීම තහවුරු කෙරෙන  බැරපතේ පිටපත් info@akura.org යන  ඊමේල් ලිපිනයට  එවීමට කාරුණික වන්න. ඔබේ මුදල් අකුර ගිණුමට බැරවූ පසු ඩිජිටල් රිසිට්පත නිකුත් කරනු ඇත.

 

2018 දෙසැම්බර් මස වකුගඩු රෝගීන්ට අදාල ගෙවිම් සිදුකරන දිනයේ හෝ මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පහසු දිනකදි මෙම කාර්යය සිදු වනු ඇත.

ඔබ මැදවච්චිය ආසන්නයේ පදිංචි අයෙක් නම් මූල්‍ය දායකත්වයෙන් තොරව පොත්පත් සහ අනෙකුත් ලිපිද්‍රව්‍ය මැදවච්චිය  ප්‍රාදේශීය   ලේකම් කාර්යාලයට ලබා දීමට පුලුවන්.

 

මේ සම්බන්ධව වැඩිදුර තොරතුරු සඳහා:

 

අකුර:

බන්දුල රණතුංග  0714 315426

 

මැදවච්චි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය:

ලසන්ත විජේසිංහ  (සංවර්ධන නිලධාරි) 0719255633

තාරක තිසේරා (මුදල් සහකාර)                 0718665002

 

මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වය මත ඉදිරියේ දි අනෙකුත් පෙදෙස් වෙත මෙය ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: