අකුර පළමු වැඩසටහන ඊට්ටිකුල ප්‍රාථමික විදුහලින්, 2015 විශ්ව ළමා දිනයේ ඇරඹේ!

අධ්‍යාපනික සහ බාහිර කටයුතු සඳහා උදව් අවශ්‍ය පාසල් දුවා දරුවන්ට කිසියම් සරණක් වීමේ මුලික අදිටනින් ඇරඹි අකුර ප්‍රජා ව්‍යාපෘතිය ඔක්තෝම්බර් මස 1වැනි දිනට යෙදුනු විශ්ව ළමා දිනයට සමගාමීව ආරම්බ කරන ලදී. එහි මුලික අදියර වශයෙන් විල්පත්තු මායිමේ ඇති, ඇති දුෂ්කර ඊට්ටිකුලම ප්‍රථමික විදුහලේ දරුවන්ට නව වසර සඳහා අවශ්‍ය වන පොත්පත් සහ අනෙකුත් අවශ්‍යතා ලබා දීමට සති දෙකක් වැනි කෙටි කාලයක් තුළ සූදානම් විය.

DSC_3544

සැප්තැම්බර් මස 30දා රෑම විදුහල්පති තුමාගෙ නිවසට ගිය අපි, උදෑසනම පාසල වෙත ගියෙ මේ පුංචි දරුවන් දකින්න. නොච්චියාගම රෝහල අසලින් ඇතුළට තිබෙන පාරේ කි.මි 16 ක් පමණ ගමන් කළ විට මේ පාසල ඔබට හමුවේවි. මේ දරුවන්ගෙ දෙමාපියෝ බහුතරයක් ජිවිකාව රැකගන්න කරන්නෙ මහාපරිමාණ හේන් වලට අත් උදව් දෙන එක. නගරයේ පාසල් වලට යාමට මූල්‍ය ශක්තියක් ඇති ගමේ සිසුන් නගරයට යද්දි මේ දරුවන් ගමේ පාසලට එන්නෙ එදිනෙදා නගරයට යාමටවත් වත්කමක් නැති නිසා බවයි විදුහල්පති තුමා සඳහන් කළේ. එවගේම කලක් වසා දමා තිබි මෑතකදි යළි අරඹන ලද පාසලක් මෙය.

 DSC_3580

මේ දරුවන්ට තම නිවස තුළදි අධ්‍යාපනික කටයුතු කරගෙන යාම සඳහා අවශ්‍ය මේසයක් සහ පුටුවක් ලබා දීමට සූදානම් කළේ ඔවුන් නිවසේදි බිම දිගාවි පොළව මත පොත්පත් තබා ගෙන අධ්‍යාපනික කටයුතු කරන නිසා.

DSC_3575
ඩිලාන් ශ්‍රීෂාණු ලොකුපතිරගෙ, තුල්‍යා ද සිල්වා, නිලක්ෂ රත්නායක, ශිරෝමා ලියනගුණවර්ධණ, රොමෙරො සිල්වා, 99X Services ආයතනයේ මිතුරු මිතුරියන් සහ නිර්ණාමික දායකයෙක් ද මේ සඳහා එක් විය. එවගේම කාර්යය බහුල තත්වයක සිටියත් අවශ්‍ය පොත්පත් ඉතා සහනදායි මිළකට ලබා ගැණීමට චන්දන මුණසිංහ දුන් දායකත්වය වගේම අදාල පොත්පත්, කැම පෙට්ටි සහ පොත් බෑග් ස්ථාන තුනකින් ලබා ගෙන ඒ සියල්ල නිසි ලෙස අසුරා ඊට්ටිකුලම පාසලේ දරුවන්ට ඒ සියල්ල ප්‍රවාහනයටත් දායකත්වය ලබා දුන් හර්ෂණ වීරසිංහ අමතක කරන්න බැ.

DSC_3528

මේ පාසල ගැන අපිට හදුන්වා දුන් ආර්. ඩි කුළරත්න මහතා සහ පාසලේ විදුහල්පති විමල් මහින්දරත්ණ මහතාද ඉතා ආදරයෙන් සිහිපත් කරන්න අප කැමතියි. අප විසින් ලබා දීමට සූදානම් වූ ඩෙස්පුටු, අප වෙනුවෙන් නොච්චියාගමින් සාදවා තීන්ත ගා සුදුසු ලෙස සකසා පාසලටම ගෙනත් තිබීම අස්වැසිල්ලක්.

12045747_401602916700519_7295896983361737792_o

99X Services ආයතනයේ මිතුරන් අප සමඟ ඊට්ටිකුලම දරුවන් බලන්න යන්න සිටියත් කාර්යය බහුලත්වය මත ඔවුන්ට අප හා එක්වන්නට නොහැකි වූ නිසා ඔවුන්ගෙ කාර්යයාලයේදි ඔවුන් විසින් මිළ දී ගත් පොත් බෑග අප වෙත ලබා දෙන ලදී. මේ සඳහා අකුර වෙනුවෙන් හර්ෂණ වීරසිංහ සහභාගි විය.

මීට අමතරව තිස්සමහාරාම ප්‍රදේශයේ දුෂ්කරතා මැද ඉගෙනුම් කටයුතු කරන සිසුවියන් දෙදෙනෙකුට ද මෙදිනම පොත්පත් ලබා දීමට සූදානමක් පැවතියද එම කටයුතු මදක් පමා වී ඔක්තෝම්බර් මස 10 වන දින සිදු වන ඇත. පියා ජිවතුන් අතර නැති එක් සිසුවියකට ද, පියා අසනීප තත්ත්වයෙන් පසුවන සිසුවියකට ද මෙලෙස අකුර මඟින් නව වසර සඳහා පොත් පත් ප්‍රදානය කරන්නේ ඔවුන්ගෙ අධ්‍යාපන කටයුතු සඳහා යම් දායකත්වයක් ලබා දිමෙ අරමුණින්.

අදාල පොත්පත් දසුන් සමීර විසින් ඔක්තෝම්බර් මස 10 වන දින අදාල සිසුවියන්ට ලබා දීමට කොළඹ සිට රැගෙන යන අතර එම අවස්තාවට එක් සිසුවියක් අධ්‍යාපනය ලබන පාසලේ ගුරුතුමියක් (අපට තොරතුරු ලබා දුන් පවිත්‍රී ද සිල්වා ගුරුතුමිය) සහභාගි වනු ඇත.

DSC_3625

ඊට්ටිකුලමදි  විදුහල්පති තුමා දෙමාපියන්ගේ දායකත්වයෙන් ළමා දිනයෙදි තවත් අර්ථවත් කටයුත්තක් සංවිධානය කර තිබුනා. ඒ පාසල් භූමිය තුළ පළතුරු පැළ සිටු වීමක්. ඉතින් මේ දරුවන් සමඟ එක්ව අපිත් පළතුරු පැළ සිටු වීමට එක් වුනා.

යම් දිනෙක මේ පළතුරු ගස් පළතුරු වලින් පිරෙන්නාක් මෙන් මේ දරුවන්ගෙ දැණුමින් ගමටත් රටටත් සෙතක් වේවායි අකුර අපි හදවතින්ම පතන්නෙමු!

DSC_3648මේ පුංචි දරුවොන්ගේ අම්මල තාත්තලත් අපි හැමෝටම මේ රටේ නිදහස් අධ්‍යාපනය ලබන්න බර උසුලල තියෙනව. ඉතින් අපි හැමෝටම යුතුකමක් තියෙනව ඒ අයට හැකි පමණින් ප්‍රථිඋපකාර කරන්න.

ඉතින් මේ පළමු වෑයම සාර්ථක කර ගැණීමට උර දුන් සියලු දෙනාටම යළිත් ස්තුතිවන්ත වන අතරම නොබෝ දිනකින් මේ සඳහා ලැබුණු අදාර සහ එම අදාර වියදම් වූ අයුරු තවත් සටහනක් මඟින් බලාපොරොත්තු වන්න.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: